Product Title

eNipuna 3.5

Manufacturer

Sanhinda Educational Software

Platform

Windows

Upcoming update

Free

Users

1

                                     


 Digital Download - NOT PHYSICALLY DELIVER       

We are sent download links immediately via email within a few minutes of ordering. 

  Please ignore eBay postage messages, there is no postage with a download!

  All instructions required to activate the program are displayed on the installation screen.


   අප ලැබූ ජයග්‍රහණයන්


   අපව හඳුනා ගන්න


  • 2010 වසරේ දී ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු තාත්ෂණ ආයතනය(ICT) විසින් සංවිධානය කළ e-Swabimani සම්මානය මෙම මෘදුකාංග කට්ටලය සඳහා දිනාගැනීම.

  • 2016 වසරේ සිට ලංකාවේ පාසල් පද්ධතියට අලුතින් හදුන්වා දුන් පස්රූලේ අකුරු නිර්මාණයට ජාතික අධ්‍යාපන ආයතනය(NIE) සමග කටයුතු කිරීම.

  • 2019 වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සංවිධානය කළ SLTZeroOne සම්මාන උලෙලේ දී හොඳම මෘදුකාංග නිර්මාණයට හිමි සම්මානය දිනා ගැනීම.

  • ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් සමග එක්ව දහස් ගණනක් වූ දැයේ දූ දරුවන් ඩිජිටල් අධ්‍යාපනයට යොමු කරවීම වෙනුවෙන් අධ්‍යාපනික මෘදුකාංග කට්ටල නිර්මාණයට දායක වීම.



   eNipuna මෘදුකාංග කට්ටලය

   මෙම මෘදුකාංග කට්ටලයේ මෘදුකාංග 03ක් අන්තර්ගතවන අතර එම මෘදුකාංග 3ම සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා

   දෙකෙන් ම සමන්විත වේ.   

 

  1. Akuru Dupatha (Sri Lankan first educational 3d game) - අකුරු දූපත


  • එකිනෙකට වෙනස් ළමා මනසට ඉතා ආකර්ෂණීය මට්ටම් (Levels)16 පමණ ඇති මෙම ත්‍රිමාණ(3D) ක්‍රීඩාවේ අරමුණ වන්නේ සිංහල හෝඩියේ අකුරු හඳුන්වා දීමත් එම අකුරු ඇසුරෙන් ගොඩනැගෙන වචන හදුනා ගැනීමේ කුසලතාව ඇති කිරීමත්ය.

  • ත්‍රිමාණ පරිසරයක තැන තැන විසිරී පවතින සිංහල අක්ෂර අතරින් පරිගණකය විසින් දැනුම්දෙන අක්ෂරය නිවැරදිව දරුවා

සොයාගත යුතු අතර ඉන්පසු එම අක්ෂරයට අදාළ වචනය හදුන්වා දේ.
  • දරුවා වැරදි අක්ෂරයක් තේරුවහොත් ක්‍රීඩකයාගේ Health අඩුවන අතර අකුරු සෙවීමේ ක්‍රියාකාරකමින් පසු වචන සෑදීමේ

ක්‍රියාකාරකමට පිවිසිය හැකිය.


  1. Primary Educational Activities - ප්‍රාථමික අධ්‍යාපනික ක්‍රියාකාරකම්


  • පරිගණකය භාවිත කරමින් විවිධ වූ අධ්‍යාපනික ක්‍රියාකාරකම් හී නරත විය හැකි ඉංග්‍රීසි මාධ්‍ය වැඩසටහන් කොතෙක් තිබුණ ද සිංහල භාෂාවෙන් නිර්මාණය වූ එවන් වැඩසටහන් විරලය. විදේස් භාෂාවකින් මූලික අධ්‍යාපනය ලැබුව ද කුඩාකළ තම මව් බසින් විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් හී නිරතිවීමට හැකි වීම වඩාත් යහපත් අධ්‍යාපනික භාවිතාවක් බව විශේෂඥ මතයයි. එම අඩුව පුරවාලමින් විදේශයන් හී වෙසෙන අපේම දූ දරුවන් හට අප මෙම වැඩසටහන දායාද කරන්නේ ඉමහත් සතුටින්.

  • ගණිතමය හැකියාව වැඩිදියුණු කිරීම, අඩු අකුරු පුරවා වචන සෑදීම, යා කිරීම්, රූප සෑදීම, හැඩතල ආශ්‍රිත ක්‍රියාකාරකම්,පරිසරයේ විවිධ ශබ්ද හදුනාගැනීම, වාක්‍ය ගොඩනැගීම, වචන ප්‍රහේලිකා විසදීම, මතකය වඩවන ක්‍රියාකාරකම් (Memory Game), මුදල් භාවිතය, පිලි භාවිතය, තේරවිලි තෝරමු ආදී ක්‍රියාකාරකම්,එකතු කිරීම-අඩු කිරීම හා දැලිස ක්‍රියාකාරකම් ආදී රාශියක් ඇතුළත් වේ.

  • ජාතික අධ්‍යාපන ආයතනය(NIE) මගින් අලුතින් හදුන්වාදුන් පස්රූලේ ප්‍රමිතිගත අකුරු පරිගණක තිරයේ ලියන ආකාරය අනුගමනය කරමින් ඔබේ දරුවාගේ සිංහල අකුරු ලිවීමේ කුසලතාව වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව. 


  1. Educational Jigsaw Puzzle - අධ්‍යාපනික රූප ප්‍රහේලිකා

  • අප කුඩා කළ කඩදාසි වලින් සෑදූ puzzle ක්‍රියාකාරකම් වල නිරතවූ අයුරු කාටත් මතක ඇති. එම අත්දැකීම නව තාක්ෂණය මුසුව දැනුම් සම්බාරයක් සමගින් පරිගණකය ඇසුරෙන් puzzle ක්‍රියාකාරකම් හී නිරතවිය හැකි වැඩසටහනක් අප ඔබේ දරුවාට මෙසේ ඉදිරිපත් කරන්නෙමු. ක්‍රියාකාරකම් 100ක් ඇති මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ එක් puzzle ක්‍රියාකාරකමක් සම්පූර්ණ කළ පසු එම ක්‍රියාකාරකමට අදාල විස්තරයකට දරුවාට සවන් දීමට හැකිවීමයි . ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන, අපේ අතීත උරුමයන්, ලොව ශ්‍රේෂඨ පුද්ගලයින්, අපගේ ජාති වීරයන්, ලොව විස්මිත දෑ ආදී විශ්ව දැනුමෙන් ඔබේ දරුවා පෝෂණය කරවන සුවිශේෂී අධ්‍යාපනික ප්‍රහේලිකා (Puzzles) වලින් මෙම වැඩසටහන සමන්විත වේ.


General  Q & A


  1.  Q: පොඩි විස්තරයක් කරන්න.

 A:  අපේ මව්බිමෙන් ඈත්ව ජීවත්වන අපේ දරුවන්ට එයාලගෙම මව් භාෂාවෙන් එයාලගෙ වයසට ගැළපෙන විවිධ 

       අධ්‍යාපනික ක්‍රියාකාරකම් පරිගණකය මගින් කරන්න තියනවානම් ඒක වටිනවා. ඒ අරමුණ ඇතිව තමා අපි මෙය

නිර්මාණය කළේ. ලෝකේ කොහේ හිටියත්, මොන භාෂාවකින් ඉගෙන ගත්තත් තමන්ගේ මව්භාෂාවෙනුත්

අධ්‍යාපනික නිපුණතාවයක් ලබන එක වටිනවා කියලා අපි හිතුවා. ඒ නිසයි අධ්‍යාපන විශේෂඥ උපදෙස් ඇතිව

නැවුම් අධ්‍යාපනික ක්‍රමෝපායන් සහිතව මෙම කට්ටටලය නිර්මාණය කළේ.


  1.  Q: සිංහල අකුරු ලියන විදිය වෙනස් වෙලා ද තියෙන්නේ?

 A: ඔව්...ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිංහල අකුරු ලිවීම සදහා නව මාර්ගෝපදේශයක් හදුන්වලා දීලා තියනවා.

අපි ඒ අලුත්ම අකුරු ලියන විදිහ මේ මෘදුකාංග කට්ටලයෙන් දරුවන්ට කියලා දෙනවා.


  1.  Q: කාටද වඩාත් සුදුසු?

      A: ප්‍රාථමික අධ්‍යාපන වයසේ පසුවන, ලංකාවෙන් බැහැරව විදෙස් රටවල වෙසෙන දරුවන්ට වගේම සිංහල භාෂාවෙන්

විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම්වල නිරතවීමට කැමති දරුවන්ට.


  1.  Q: සිංහල භාෂාවෙන් විතරද අඩංගු වෙන්නේ?

 A: නැහැ…..සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සමන්විතයි. මෙම Software kit එකේ සිංහල භාෂාවෙන්

software 3ක් සහ ඉංග්‍රීසි භාෂාවෙන් Software 3ක් අඩංගු වෙනවා. ඒ කියන්නේ Software 6ම තියනවා.


  1.  Q: මිල දී ගන්නේ කොහොම ද?

 A: eBay මගින් ඔබ මෙම පැකේජයට ගෙවීම් සිදු කළ පසු මෘදුකාංග කට්ටලය download කරගැනීම සදහා අප ඔබගේ

email ලිපිනයට download link ලබා දෙනවා. පසුව පරිගණකයේ පිහිටුවාගෙන දී ඇති උපදෙස් අනුව වැඩසටහන

සක්‍රීය කරගැනීමට පුලුවන්.



Payment

  • Payment is accepted through the eBay management payment system.


ඔබගේ තෘප්තිමත්භාවය අපගේ ප්‍රමුඛ තාවයයි


  • විදෙස් රටක වෙසෙන ඔබේ දරුවා අපගේ මෙම මෘදුකාංග කට්ටලය භාවිත කරනු  දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි.

  • යම්කිසි තාක්ෂණීක දෝෂයක් මත මෙම මෘදුකාංග කට්ටලය ඔබගේ දරුවාට භාවිත කිරීමට නොහැකි වූයේ නම් කරුණාකර අප හා සම්බන්ධ වී එම ගැටලුව නිරාකරණය කරගන්න.

  • කිසියම් තාක්ෂණික දෝෂයක් මත මෙම මෘදුකාංග කට්ටලය භාවිත කිරීමට ඔබේ දරුවාට නොහැකිනම් අප ඔබගේ මුදල් ආපසු ලබා දෙන්නෙමු.


ඔබේ දරුවාට යහපත් අනාගතයක්!